GovPay යනු, රාජ්‍ය ආයතන විසින් ලබාදෙන සේවාවන් සඳහා ගෙවීම් කිරීමේ දී, පුරවැසියන් සහ ව්‍යාපාරිකයන් සඳහා විවෘත වූ, සුමට ඩිජිටල් ගනුදෙනු කිරීමේ හැකියාව ලබාදෙන, මහජන ඩිජිටල් ගෙවීම් වේදිකාවකි. පෞද්ගලික ගෙවීම් පද්ධතියක් නොමැති ආයතන වලින් සේවාවන් ලබා ගැනීමේදීද මෙම වේදිකාව භාවිතා කළ හැකිය.
දැනට, ගෙවීම් බැංකු-අතර ගනුදෙනු (bank-to-bank transfers) ලෙස පමණක් සැලසුම් කර ඇත. පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අනාගතයේදී අතිරේක ගෙවීම් විකල්ප ලබාදීමට සැලසුම් කර ඇත. නියමිත අරමුණ වන්නේ, පුරවැසියන්ට බහුවිධ ගෙවීම් ක්‍රම ලබාදීම තුළින් පහසු ප්‍රවේශය සහ භාවිතය සැලසීමයි.
2025 පෙබරවාරි 7 වන විට, පහත සඳහන් රාජ්‍ය ආයතන GovPay හරහා සේවා සපයයි:
බැංකු-අතර ගනුදෙනු සඳහා රු. 15.00ක සුළු පහසුකම් ගාස්තුවක් පමණක් අය කරනු ලබයි. පෙර අයකල රු. 50.00 ගාස්තුව වඩාත් හොඳ ගනුදෙනු පහසුකම් සැලසීම සඳහා මෙසේ අඩු කොට ඇත.
ගෙවීම් සැකසෙන්නේ එසැණින් (real-time) වන අතර, ගනුදෙනුවක් ක්ෂණිකව සම්පූර්ණ වේ.
ගෙවීම සාර්ථකව සිදුවු පසු, ඔබේ බැංකුවෙන් SMS තහවුරු කිරීමක් ලැබෙනු ඇත.
ඔව්, අදාළ රාජ්‍ය සංවිධානය ඔබට SMS සහ විද්‍යුත් තැපෑල හරහා තහවුරු කිරීමක් ද එවනු ඇත.
2025 පෙබරවාරි 7 වන විට, පහත බැංකු GovPay ගනුදෙනු සඳහා සහාය දක්වයි:
පියවර 1 – ඔබගේ අන්තර්ජාල බැංකු හෝ ජංගම බැංකු ගිණුමට ලොග් වන්න, නැතහොත් GovPay සමඟ ඒකාබද්ධ වූ ජංගම ගෙවීම් යෙදුම (mobile payment app) භාවිතා කරන්න.
පියවර 2 – ‘රජයේ ගෙවීම්’ මෙනුව හෝ ‘ගෙවීම්’/’බිල්පත් ගෙවීම්’ කොටස වෙත යන්න, ඉන්පසු ‘GovPay’ තෝරන්න.
පියවර 3 – අදාළ ආයතනය තෝරන්න, සේවා වර්ගය තෝරන්න, ගෙවිය යුතු මුදල සහ යොමු අංකය ඇතුළත් කරන්න, සහ ගෙවීම දිගටම කරගෙන යන්න.
පියවර 4 – සාර්ථකව නිම කිරීමෙන් පසු, ඔබට විද්‍යුත් රිසිට්පතක් බාගත කිරීමට හැකි වනු ඇත. පසුව අදාල රාජ්‍ය ආයතනය ගණුදෙණුව සත්‍යාපනය කර SMS මගින් තහවුරු කිරීමක් එවනු ඇත.
වැඩිදුර සහාය සඳහා, කරුණාකර GovPay හරහා සේවාව සපයන ඔබේ අදාළ බැංකුව හෝ අදාළ රාජ්‍ය ආයතනය අමතන්න.
GovPay සමඟ සම්බන්ධ වීම සහ එහි සේවා මහජනතාවට ලබාදීම සඳහා, රජයේ ආයතනයක් ලියාපදිංචිවීමේ පෝරමය පුරවා ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. මෙහිදී, ආයතනයේ විස්තර, එහි සේවා සහ අනෙක් අවශ්‍ය විස්තර සඳහන් කළ යුතුය. තවද, ආයතනය LankaPay සමඟ නිල ගිවිසුමකට එක්විය යුතුය. වැඩි විස්තර සඳහා අප අමතන්න.