GovPay, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, DFCC බැංකුව, NDB බැංකුව, NTB බැංකුව සහ PAN Asia බැංකුව ඇතුළු ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු දොළහක් සමඟ ඒකාබද්ධ වී පරිශීලකයින්ට බාධාවකින් තොරව ගෙවීම් ප්‍රවේශය සහතික කරයි. මීට අමතරව, ඩිජිටල් ගෙවීම් විකල්ප සහ පහසුව තවදුරටත් පුළුල් කරමින් iPay සහ HelaPay වැනි ජනප්‍රිය ෆින්ටෙක් යෙදුම් නුදුරු අනාගතයේදී වේදිකාවට සම්බන්ධ වීමට නියමිතය.
GovPay යනු ශ්‍රී ලංකාවේ රජයේ සේවා සඳහා ඩිජිටල් ගනුදෙනු පහසු කිරීමට නිර්මාණය කළ මාර්ගගත ගෙවීම් වේදිකාවයි. එය පුරවැසියන්ට සහ ව්‍යාපාරිකයින්ට බදු (වරිපනම් ඇතුළුව), දඩ, උපයෝගිතා බිල්පත්, අධ්‍යාපන ගාස්තු සහ අනෙක් සේවා ගාස්තු වැනි රජයට කරනු ලබන විවිධ ගෙවීම් සඳහා බැංකු සහ ඩිජිටල් පසුම්බි (digital wallets) හරහා ආරක්ෂිතව සහ පහසුවෙන් ගෙවීම් කිරීමේ හැකියාව ලබා දෙයි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ LankaPay එකතු වී සිදු කරන සහයෝගිතා ව්‍යාපෘතියක් වන GovPay ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ජාතික ගෙවීම් වේදිකාවකි. මෙම පද්ධතියේ අරමුණු ලෙස ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලීන් නවීකරණය කිරීම, වැඩිදියුණු කළ පාලනය, නිරවද්‍යතාවය, ආරක්ෂාව සහ රජයේ මූල්‍ය ගනුදෙනුවල විනිවිදභාවය සහතික කිරීම දැක්විය හැකිය. ඉලෙක්ට්‍රොනික රාජ්‍යයක් තුළ රජයේ ආයතනයන්හි මූල්‍ය ගනුදෙනු විධිමත් කිරීමෙන් මෙය ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයේ ප්‍රයත්නයන් සමඟ සමපාත වේ.
GovPay ව්‍යාපෘතිය 2025 පෙබරවාරි මුල් භාගයේදී ආරම්භ වූ අතර පළමු අදියරේදී රාජ්‍ය ආයතන 16ක් ඒකාබද්ධ කරනු ලැබීය. ඉදිරි දෙවන හා තෙවන අදියරවලදී අතිරේක ආයතන 30ක් සහභාගි කර 2025 අප්‍රේල් වන විට මුළු පද්ධතියම සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙය පරිශීලකයන්ට නිරවුල් සහ පහසු අත්දැකීමක් දෙන අතර, ජනතාවට ජනප්‍රිය ෆින්ටෙක් යෙදුම් (Fintech Applications) හෝ මාර්ගගත බැංකු සේවා හරහා රජයේ සේවාවන් සඳහා ගෙවීම් කිරීමට හැකියාව ලබාදේ.
GovPay හි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ රජයට සම්බන්ධ ගනුදෙනු සඳහා මධ්‍යගත, ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ගෙවීම් වේදිකාවක් සැපයීමයි. එහි ප්‍රධාන අරමුණු අතරට;