Sri Lanka Flagශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවියක්
දැන් GovPay හරහා

මාර්ගගතව රථවාහන දඩ ගෙවන්න GovPay ඔස්සේ පුලුවන්

රථවාහන දඩ පත්‍රිකාවක් ලැබුණාද? එම ස්ථානයේදීම ගෙවන්න! තවදුරටත් පෝලිම්වල රැඳී සිටීම හෝ රැකියා ස්ථානයෙන් නිවාඩු ගැනීමට අවශ්‍ය නොවේ. ඔබට දැනටමත් ඇති බැංකු යෙදුම එක හෝ Fintech යෙදුම ඔස්සේම GovPay හරහා එවෙලේම දඩය ගෙවා රියදුරු බලපත්‍රය ලබාගත හැකිය.

පොලිස් රථවාහන දඩ

දශක ගණනාවක් තිස්සේ, රථවාහන මාර්ග නීති උල්ලංඝනය වූ අවස්තා වලදී උසාවියට ඉදිරිපත් නොකෙරෙන වැරදි සඳහා දඩ ගෙවීමේ ක්‍රියාවලිය පුරවැසියන්ට කාලය වැයවන සහ දුෂ්කර ක්‍රියාවලියක් බවට පත්ව තිබුණි. රියදුරන්ට, සුළු දඩ මුදලක් ගෙවීම සඳහා පවා සති අන්තවල, රජයේ නිවාඩු දිනවල හෝ කාර්යාල වේලාවෙන් පරිබාහිරව දිගු ගමන් කිරීමට සිදුවන අවස්ථා බහුල විය. බොහෝ විට, ඔවුන්ට තම පදිංචි ස්ථානයෙන් දුරස්ථව පිහිටි වරද සිදු වූ ස්ථානය වෙත නැවත යාමට අවශ්‍ය වූ අතර, එමඟින් කාලය අපතේ යාම, අමතර වියදම් වැනි ගැටළු ඇති විය.

GovPay පද්ධතිය මඟින් මෙම තත්ත්වය වෙනස් කරමින්, පුරවැසියන්ට ඕනෑම වේලාවක සහ ඕනෑම ස්ථානයක සිට ආරක්ෂිතව සහ පහසුවෙන් රථවාහන දඩ මාර්ගගතව ගෙවීමට හැකියාව සලසා ඇත. මෙමගින් අනවශ්‍ය ගමන් සහ ප්‍රමාදයන් අවම කරමින්, දඩ පියවීම සඳහා සරල සහ කාර්යක්ෂම මාර්ගයක් සලසා ඇත. එමඟින් පුරවැසියන්ට කාලය සහ මුදල් ඉතිරි කරගනිමින්, වඩාත් වැදගත් කාර්යයන් සඳහා යොමු වීමට අවස්ථාව සැලසේ.

දඩයක් ගෙවීම සඳහා පියවරෙන් පියවර මඟ පෙන්වීම

1.

GovPay වෙත සම්බන්ධිත ජංගම/අන්තර්ජාල බැංකුකරණයට හෝ ජංගම/Fintech යෙදුමට පිවිසෙන්න.

Banking App Login Screen
2.

ගෙවීම් මෙනුවෙන් රාජ්‍ය ගෙවීම්/බිල්පත් ගෙවීම් සහ GovPay තෝරන්න.

Payments Screen with GovPay Option
3.

ආයතන ලැයිස්තුවෙන් ‘Sri Lanka Police' සහ සේවා ලැයිස්තුවෙන් ‘Traffic Fine' තෝරන්න.

Organization List Screen
4.

ඔබගේ 'වාහන අංකය' සහ 'රියදුරු බලපත්‍ර අංකය' ඇතුළත් කරන්න. ඉන්පසු දඩ පත්‍රිකාවේ දක්වා ඇති පරිදි 'පොලිස් ස්ථානය' තෝරන්න. පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා 'රථවාහන පොලිස් නිලධාරිගේ ජංගම දුරකථන අංකය' ඇතුල් කරන්න. දඩ පත්‍රිකාවට අනුව අදාළ 'දඩ වර්ග' තෝරන්න.

Fine Details Form Screen
5.

දඩ ගෙවීම් විස්තර තහවුරු කර ගෙවීම සිදු කරන්න.

Payment Confirmation Screen
6.

රථවාහන පොලිස් නිලධාරියාට ගෙවීම තහවුරු කිරීමේ කෙටි පණිවුඩයක් ලැබුණු පසු ඔබගේ රියදුරු බලපත්‍රය ඔබට ආපසු ලැබෙනු ඇත

Police Officer Returning License

සහාය දක්වන බැංකු සහ FinTech යෙදුම්

බැංකු

ජංගම යෙදුම්

අන්තර්ජාල බැංකුකරණය

බැංකු කවුන්ටරයෙන් ගෙවීම

ආවරණ ප්‍රදේශ

GovPay රථවාහන දඩ සේවාව දැනට මෙම ප්‍රදේශවල ලබා ගත හැකි අතර, දිවයින පුරා ප්‍රසාරණය පවතී

බස්නාහිර පළාත
සම්පූර්ණයෙන්ම ලබා ගත හැකියි

බස්නාහිර පළාතේ සියලුම ප්‍රදේශවල සම්පූර්ණ ආවරණය

දකුණු පළාත
සම්පූර්ණයෙන්ම ලබා ගත හැකියි

දකුණු පළාතේ සියලුම ප්‍රදේශවල සම්පූර්ණ ආවරණය

උතුරු පළාත
සම්පූර්ණයෙන්ම ලබා ගත හැකියි

උතුරු පළාතේ සියලුම ප්‍රදේශවල සම්පූර්ණ ආවරණය

වයඹ පළාත
සම්පූර්ණයෙන්ම ලබා ගත හැකියි

වයඹ පළාතේ සියලුම ප්‍රදේශවල සම්පූර්ණ ආවරණය

උතුරු මැද පළාත
සම්පූර්ණයෙන්ම ලබා ගත හැකියි

උතුරු මැද පළාතේ සියලුම ප්‍රදේශවල සම්පූර්ණ ආවරණය

අධිවේගී මාර්ග
සම්පූර්ණයෙන්ම ලබා ගත හැකියි

ශ්‍රී ලංකාව පුරා සියලුම අධිවේගී මාර්ග

පියවරෙන් පියවර ගෙවීම් මඟ පෙන්වීම්

ඔබේ ප්‍රියතම බැංකු යෙදුම සඳහා සවිස්තරාත්මක ගෙවීම් මඟ පෙන්වීම් බාගත කරන්න

CIM logo
CIM

CIM හරහා රථවාහන දඩ ගෙවීම සඳහා සම්පූර්ණ මඟ පෙන්වීම

Com Bank Digital logo
Com Bank Digital

Com Bank Digital හරහා රථවාහන දඩ ගෙවීම සඳහා සම්පූර්ණ මඟ පෙන්වීම

FriMi logo
FriMi

FriMi යෙදුම හරහා රථවාහන දඩ ගෙවීමේ ක්‍රමය

Genie logo
Genie

Genie හරහා රථවාහන දඩ ගෙවීම සඳහා සම්පූර්ණ මඟ පෙන්වීම

HNB Digital Banking logo
HNB Digital Banking

HNB Digital Banking හරහා රථවාහන දඩ ගෙවීම සඳහා සම්පූර්ණ මඟ පෙන්වීම

Helakuru logo
Helakuru

Helakuru හරහා රථවාහන දඩ ගෙවීම සඳහා සම්පූර්ණ මඟ පෙන්වීම

iPay logo
iPay

iPay හරහා රථවාහන දඩ ගෙවීම සඳහා සම්පූර්ණ මඟ පෙන්වීම

Nations Direct logo
Nations Direct

Nations Direct පරිශීලකයින් සඳහා සම්පූර්ණ මඟ පෙන්වීම

NEOS logo
NEOS

NEOS Online Banking හරහා රථවාහන දඩ ගෙවීම සඳහා සම්පූර්ණ මඟ පෙන්වීම

NSB Pay logo
NSB Pay

NSB Pay හරහා රථවාහන දඩ ගෙවීම සඳහා සම්පූර්ණ මඟ පෙන්වීම

Pan Asia Online Banking logo
Pan Asia Online Banking

Pan Asia Online Banking හරහා රථවාහන දඩ ගෙවීම සඳහා සම්පූර්ණ මඟ පෙන්වීම

Peoples Pay logo
Peoples Pay

Peoples Pay පරිශීලකයින් සඳහා පියවරෙන් පියවර මඟ පෙන්වීම

Sampath Vishwa logo
Sampath Vishwa

Sampath Vishwa පරිශීලකයින් සඳහා පියවරෙන් පියවර උපදෙස්

SDB Internet Banking logo
SDB Internet Banking

SDB Internet Banking හරහා රථවාහන දඩ ගෙවීම සඳහා සම්පූර්ණ මඟ පෙන්වීම

Seylan Bank logo
Seylan Bank

Seylan Bank හරහා රථවාහන දඩ ගෙවීම සඳහා සම්පූර්ණ මඟ පෙන්වීම

WebxPay logo
WebxPay

WebxPay හරහා රථවාහන දඩ ගෙවීම සඳහා සම්පූර්ණ මඟ පෙන්වීම

වෙනත් බැංකු සහ ෆින්ටෙක් යෙදුම් සඳහා තවත් මඟ පෙන්වීම් ඉක්මනින් එනු ඇත

වෙනත් බැංකු යෙදුමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය නම් අප හා සම්බන්ධ වන්න

Frequently Asked Questions

Get answers to common questions about paying traffic fines with GovPay

How do I pay a traffic fine using GovPay?
What information do I need to pay a traffic fine?
Is there a service charge for paying fines through GovPay?
How do I know if my payment was successful?
Can I pay the fine later and collect my license from the police station ?
Can someone else pay my traffic fine on my behalf?
Can I choose not to use GovPay and follow the traditional method?
© 2025 GOVPAY.LK